
sankawa - apzi lyrics
( apzi * 1st verse )
සුදු පිරුවට ඇද කිලි හිත යට
පුන් පො හද රැයම දිලුනාට
මම මේ ගිනිකතරක තනිවෙලා ඇයි ඇයි ඇයි ඇයි
කිපිලා දිව විශාපද ගෙතුවට
උන් සේරම සිල් රැක්කාද
මම මේ ගිනිකතරක තනිවුනේ ඇයි ඇයි ඇයි ඇයි
( apzi * pre chorus )
සංකාව දැණුනාම උන්මාදයෙන්ම මාත්‍රාවක් හෙව්වා මම
මටත් හොරෙන් කලේ ගෙවුනා නොදැනීම තනිකම විතරයි මගේ ලග උන්නෙම
(apzi * chorus )
මාරුතේ මන් පාළුවේ
දිව්වා හතිලාගෙන හිත වාරුවෙන් හිත වාරුවෙන් මේ හිත වාරුවෙන්
මම වින්දා ජිවිතේ නීරසම තැන්
නීරසම තැන් නීරසම තැන්
ජිවිතේ ජිවිතේ නීරසම තැන්
( u * low * 2nd verse )
ආසයි දකින්න මම හීන
ඈත අහසින් උඩින් පේන
කාටත් උරුමයි තනිවීම
කරුමයකි ඉපදීම
කවුරුත් නෑ වැඩෙව්වෙ ඉවසීම
එක තැනක නැවතීම
ඒකයි ඈත කාටත් සැනසීම
කිව්වෙ හැම දර්මෙන් මුලදීම
පසුතැව්ලි බොහොමයි බොහොමයි
සමබරව සතුටයි කදුලයි
බයානකම හදුනා ගැනීමයි
ලග හිටියත් විස නයි විසමයි
අනුකම්පාවක් කෝ හිතේ (hey hey ) වේදනාවක්දෝ..
පොදි ගහ ගත්තත් රන් මුතු මාල
මුදලට බලයට ලොල් වී ඉන්නවා
දයිවයෙන් දුන් දේ දයිවය ගන්නව
මට මන් විතරයි ඔව් මම දන්නවා
පැටලුනු ලෝකෙ පාපෙ
කාටත් මිදෙන්නට බෑනෙ
චරිත අපි වේදීකාවේ
අවසන් කාලය මේකයි කාගෙත් ජවනිකාවේ (yeah)
( apzi * 3rd verse )
දිග අරින්න බෑනේ මේ ජිවිත පොත
දහසක් චෝදනා වින්දා මර මගේ හිත
මම මට දොස් කිව්වා අනන්තවාරයක්
හිටියා ඇති මනස දෙයි දොන්කාරයක්
වාරයක් මට දෙන්න දෙන්න මට වාරයක්
කළ පව් පස්සෙන් එයිද වෙලා අවතාරයක්
මේ හිත අදුරුයි මුල් ඇත්තේ විෂමයි
මාරයා බලන් ඉන්නේ බිළිගන්න මනසයි
( apzi * pre chorus )
සංකාව දැණුනාම උන්මාදයෙන්ම මාත්‍රාවක් හෙව්වා මම
මටත් හොරෙන් කලේ ගෙවුනා නොදැනීම තනිකම විතරයි මගේ ලග උන්නෙම ( උන්නෙම උන්නෙම )
(apzi * chorus )
මාරුතේ මන් පාළුවේ
දිව්වා හතිලාගෙන හිත වාරුවෙන් හිත වාරුවෙන් මේ හිත වාරුවෙන්
මම වින්දා ජිවිතේ නීරසම තැන්
නීරසම තැන් නීරසම තැන් නීරසම තැන් නීරසම තැන්
ජිවිතේ ජිවිතේ නීරසම තැන්
Random Song Lyrics :
- heart tx heart! - yxungrxnin lyrics
- on fait la fête 2 (on verra) - lgn lyrics
- happy ever after - t. graham brown lyrics
- bright side - vicetone lyrics
- plug love - montana of 300 lyrics
- indomptable - farfadet lyrics
- shots fired - money boy lyrics
- the comedian - walker hayes lyrics
- trap house - loquince lyrics
- scrimmage - hopie lyrics