
yatharthaya - arx lyrics
[1st verse]
කාලයක් හැංගුවේ වක්කඩේ හකුරු මං
ඒකත් හුරු කලේ මගේම මිතුරු
දැං ළං වුන තරමට විශ්වාස කරන්නෙපා වෙයි උඹ කෑවා වගේ විස කදුරු..
පිදුරු දාපං ඇවිලෙන ගින්නට
දවසක ඇවිලෙන්නෙ උඹත් ඒ ගින්නට
දහමට පිටු පාලා උඹ ගිය ගමනට
වන්දිය ගෙවපං දැං එ් කරුමෙට
මම හිටියෙ බලාගෙන වෙන දේ පැත්තට වෙලා
උඹලගෙ ඔලු ගෙඩි ටික මොට්ටම වෙලා
ඇස් ගෙඩි ටික පොට්ටම වෙලා ඕනම දේ නෙමෙයි උඹ දකින්නෙ ඉස්සර වෙලා
තිත්තම වෙලා කට්ටම කාලා තැනකට එද්දිම
කකුලෙන් ඇද්දෙ පිටිපස්සට වෙලා
කැස්සට බොන බෙහෙතුත් බොනවනෙ මත්වෙන්න
ඕනම බලු වැඩක් කරයි තොපි හිට් වෙන්න
[hook]
මා පැතූ ජීවිතේ.. යථාර්ථය හමුවේ නෑ මා ළඟ රැඳුනේ
මා පැතූ ජීවිතේ.. යථාර්ථය හමුවේ නෑ මා ළඟ රැඳුනේ
[2nd verse]
නරක කාලෙ ගෙවුනම එනවලු හොඳ කාලය
හැබැයි බකන්නිලං හිටියොත් එයිද ඒ කාලය
වැටුන එකා පාගලා ඒකෙනුත් ආතල් ගන්න උන් ඉන්නෙ බං අද කාලයේ
ජීවිතේ ගන්න පුලුවන්නම් ආපස්සට යලි
සිහි කලෙ සිදු කල පව් මා මතකයෙ ගිලී
කාලය රන් වලටත් වඩා වටිනවා දැං මතකෙට අරගෙන ඉදපං යලි
වැඩක් පටං ගත්තොත් තොපෙ බැරි බැරියාව
හොඳ කියද්දි තමයි කාගෙත් මූනෙ සිරියාව
මූනෙන් මනින්න බෑ කාගෙත් හැදියාව
වාසියට පෙන්වන්නෙ ඔය බොරු ලැදියාව
හැකියාව ගන්න හැකි උනා නම් සල්ලි වලට
රැකියාව දුන්නෙ කව්ද බලල උඹෙ හැකියාව
වෙසෙසින දවසක නිවසක සතුටද නැතිවෙන්නෙ බලං ඉද්දි නිසා උඹෙ පැලියාව
[hook]
මා පැතූ ජීවිතේ.. යථාර්ථය හමුවේ නෑ මා ළඟ රැඳුනේ
මා පැතූ ජීවිතේ.. යථාර්ථය හමුවේ නෑ මා ළඟ රැඳුනේ
[ 3rd verse ]
ජීවිතේ ලස්සන වෙලාද..? නෑ , ජීවිතේ කැත වෙලා, බොරුවම රජ වෙලා..
බොරු සෝබන දැකල දැකලා මට ඇති වෙලා
විසදුම ඇදලා ඇදලා මොල කරවෙලා
හිතලා මතලා ගත්තෙ නැති තීරණ නිසා මව් බිමේ තරුණ කැල ගොඩගන්න බැරි වෙලා
ගුණදම් නැති වෙලා මනුදම් නැති වෙලා
ලස්සන මල් කැකුළු තැන තැන පර වෙලා
හරි වැරැද්ද හරියට දැක්කෙ කව්ද
හිතුවෙ කව්ද හරිම කව්ද වැරදි කව්ද පැතුවෙ කව්ද ලැබුනෙ කව්ද
දැක දැක නොදැක්කා වගේ හිටියෙ කව්ද ආහ්?
ජීවිතේ තව ලතැවුනා මදිද
දෙයියන්ට බාර දීලා බලං ඉන්නෙ ඇයිද
මොහොතක් අරගෙන හිතුවොත් නරකද විසඳුමක් තියෙනවමයි උඹ ළඟම
[hook]
මා පැතූ ජීවිතේ.. යථාර්ථය හමුවේ නෑ මා ළඟ රැඳුනේ
මා පැතූ ජීවිතේ.. යථාර්ථය හමුවේ නෑ මා ළඟ රැඳුනේ
Random Song Lyrics :
- bad dream - voldy moyo lyrics
- olas del mar - jhay g lyrics
- messed up - c&m records lyrics
- zincire vursan - rena lyrics
- crucify your culture - ren lyrics
- i got you - st. panther lyrics
- hold on, we’re going home - bebe rexha lyrics
- lista de ex - joão lucca e henrique lyrics
- less is more - ivory soundz lyrics
- keys to your heart - chino wawa lyrics