
katawath ba - chamila madushan lyrics
Loading...
කාටවත් බෑ පරදන්නනම්
වීරියක් හිත ළඟ ඇත්නම්
අත්පා පොඩියි
හිත නම් ලොකුයි
තව ඉන්න බෑ ඉවසලා.
මල් නටුවෙ
කටු වලට
පැණි හොයන සමනල්ලු බය වෙන්නෙ නෑ
අවුරැල්ල තිබුණාට
වැහි බිංදු නැති දාට දේදුන්න නෑ
ආකාසෙ රෑ දිලෙන තරු ගලවලා
ගම්මානෙ හැම තැනම තරු එල්ලලා
අඳුරේ හඬා හිනා මැලවෙලා
කඳුළැල් නිවා ළඟට එළියක් අරන් එන්නම්.
සුදුපාට ඇන්දාට
තනි කකුලෙ කොක් නයිදෙ සිල් රැක්කෙ නෑ
පඩිපෙළක උඩ පඩිය
යට පඩියෙ ඇති ගැම්ම දන්නේම නෑ
රෑ පානෙ බිම බාන පිනි අහුලලා
මහපොළවෙ ඉරිතලපු තැන් දෝවලා
ගහ කොළට ගෙඩි එන්න ගීයක් ගයා
මද සුළඟෙ මුහු වෙමුද සුවඳක් වෙලා
සරුසාර මේ බිමට
පිං මදිලු හිනැහෙන්න
හිනැහෙන්න එක්වෙමුද
අපි සැවොම අත් වැල් බැඳන්…
උරුලෑවො යන පාරෙ
ගඳ හින්ද ඒ පාරෙ අපි යන්නෙ නෑ
අපි හිතන
අපි පතන
අපෙ පාර අපි අපිම එළි කරනවා
Random Song Lyrics :
- алфавит (alphabet) - scally milano lyrics
- in the end - docdoom11 lyrics
- la voz invitada - notty lyrics
- ain'y my fault isit? - feltz or f3ltzyy lyrics
- secrets - commonvoice lyrics
- dinero y blunts - loyal sant lyrics
- out the spot - j star balla lyrics
- mistress for christmas - halestorm lyrics
- gołębica - polski yeat lyrics
- filho de herdeiro - gabb mc lyrics