
dura akahe - charitha attalage feat. ravi jay lyrics
හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
අප හමුවූයේ…
මේ හඳපාන මේ තරු රෑන
මේ හඳපාන මේ තරු රෑන
මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි
මට ඔච්චම් කලයි
හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
මට මතකේ තියෙයි
දුර ආකාහේ රෑ හැමදාම
දුර ආකාහේ රෑ හැමදාම
දුර බලං අපි අපිව හෙව්වා
දිලිසෙන තරුවල අපිව මැව්වා
අර තරුව නුඹ අර තරුව මම
ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා
ඒත්…
නුඹ මා හා පරතරය
අතරක ඇති දුර අලෝක වර්ෂ නුඹ දකින්නෙ අද
මගෙ අතීතය * නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය
මතකෙට එනා මතකේ වියෝවක්
වන බව දැන උන්නා මගදි මං කෝමත්
ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට
ඒත්…
අපෙ හිත් ගැලපුනෙ නැතේ… හෙහ්
හැමදේම වෙන්නෙ ආදරේකට වඩා
දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත
මම හෙව්වෙ මාව
ඔයා මාව හොයාගනිද්දි
දුර තරුවෙලා කලුකුහර
මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි
මට ඔච්චම් කලයි
හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
මට මතකේ තියෙයි
හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
අප හමුවූයේ… දුර ආකාහේ… රෑ හැමදාම…
ඔයා ගැන මං මැව්ව
ඔයා ගැන මං කිව්ව
ඔයා ගැන විඳගන්න
ප්රසංගයට එන්න
ඔයා වෙනුවෙන් මැව්ව
ඔයා ගැන මම කිව්ව
ඔයා ගැන විඳගන්න
ප්රසංගයට එන්න
Random Song Lyrics :
- sexy police on the beach!! - cody strong lyrics
- mambo nr. 5 - the schlagerflowers lyrics
- freiheit - edit - unheilig lyrics
- show you love - promoboi lyrics
- call pon dem - chezidek lyrics
- white dove - sleepy sun lyrics
- change up - celeb lyrics
- loin du compte - fonky family lyrics
- raybans - gabriel antonio lyrics
- godspeed - nieklaus lyrics