hitha ma soragena - dayan witharana lyrics
හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හසකැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
දුර ඈත ගං තෙරේ සැඩ සීත මාරුතේ
වෙලී ගත ඈ දැත ගෙන මා හීන් වැහි කෝඩයේ
මුව කමල ආදරෙන් සිප ගතිමි සීරුවෙන්
හැඟුම් මතකයි රැඳුන නෙතඟේ එවන් සැන්දැ කලේ
හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හසකැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
විලෝතුරු මං පෙතේ සඳ උවන පිපි රැයේ
කෝල ලෙස ඈ දැස සැලුවේ දැල වැල් පාලමේ
හද විලම ආදරෙන් සසල විය මුදු සරින්
හැඟුම් සොඳුරුයි රැඳුන මතකේ එවන් සැන්දැ කලේ
හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හසකැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
Random Song Lyrics :