
loketa one wenasak - drill team westnahira feat. mashi lyrics
මහ ගිනි අව්වෙ මම සිහින මැව්වෙ
තැව්නෙ, සෙවනැල්ලට සැපතක් සෙව්වේ.
මහ රෑ අඳුරේ එළියක්ම සෙව්වෙ! සෙව්වෙ!
සෙවනැල්ලට දෙන්නට ජීවේ.
දරු ගැබක් තියන් මවක් පාර අයිනේ
දෙලොවක් අතරේ සිතුවිලි සක්මනෙ!
වැසිකිලි වලට? කළු ගඟට? මඩමට? බරක් වෙයිද රටට?
තුරුල් කරගනීද, ඈ ළයට?
නෑ! නෑ! ඈ බයට, කඳුළු පගාගෙන ඈ, ඈගේ පයට!
කරුමයද? කාගෙ ණයද? අතහරී,
ඒ ජීවිතේ ඉල්ලාගත් දෙයක් වගෙ,
ණයට, බයට, කාටද? සමාජයටද?
පියෙකු නැති නිසා, සුරතලා පළිද?
හරිද, මම වැරදිද?
“ලෝකෙට ඕනෙ වෙනස” අදහස් ගැලපුවා මදිද?
සිත් රවටන මායමින්
රවටා විශ්වයම ආලෝකෙන්
මුවපුරා සිනහා වන්නටනම්
ලෝකෙට නොව සිතටයි ඕනෙ වෙනසක්
(kalu malli)
ගියෙ ගමෙ පාසලේ සියඹලාපේ
තෙමිච්ච ඩෙස් පුටු පොත්වල විලාපේ
මගෙ දිහා බලාගෙන, ඉල්ලයි අයිතිය,
දිරච්ච වහලට එදිරිව යන ප්රමිථිය
මැරිල මැරිල ඇවිල්ල කන්නෙ බෙළෙක් පිඟානෙ
පිඟාන මගෙන් අහනව, ඇයි ලෙවකන්නෙ?
“මල්ලි, මට කවදද නිදහස දෙන්නෙ?”
වෙනසක සුවඳක් කවදද විඳින්නෙ?
පාරේ අඟන රඟන මරදානේ
ආවෙ මගෙ ළඟට, මුදල සැර නෑනේ!
පාසල් යන මල්ලිද? වාරු නැති දෙගුරුන්ද?
කිරිකැටි පැටියද? බත් වේලක්ද, ප්ලේන්ටියක්ද?
ඒ දේවල් ඔය දෑස කිවුවත් මට රහසේ.
ලොකේ මිරිඟු සයුරේ. ෆැන්ටසි බාලාංශේ
මම එක වසරෙ. වෙනස මනු කතරේ
පෙනුනා දැනුනා හිතුනා. රිදුනා හදවත මිතුරේ….
සිත් රවටන මායමින්
රවටා විශ්වයම ආලෝකෙන්
මුවපුරා සිනහා වන්නටනම්
ලෝකෙට නොව සිතටයි ඕනෙ වෙනසක්
(kalu malli x drex)
ලෝකෙට ඇතා නැතා වෙනසක හැඟුමක්
මම නම් හිතා මතා හෙව්වෙ අළුත් දවසක්
ක්රිස්තු වර්ෂ, මහාවංශ, ඉතිහාස, දර්ශන,
මහ බර කලාප, වෙළුම් ප්රකාශන
මතවාද, සංවාද, සංකල්ප, විකල්ප
ගැලපෙයිද මට, මොනවද මේ කුණුහර්ප!!
තේරුම් කරන්නෙ කවුරු, කොහොම, කාටද?
තේරුම් ගන්නෙ කවුද, ඔබද, මේ මමද?
මිනිස් යුගාන්තෙ – නොමිනිස් නව යුගෙ
නොමිනිස් යුගාන්තෙ – වෙනස තාම නෑ වගේ…
කියන්නෙ ඉසුරක් කොන්ක්රීට් පුරය
හිස ගිනිගත්ත මිනිසුන්ම යාය…
සිනහව අහිමි, සිසිල සෙවන නොමැති
ලෝකෙක සොයමි සතුට සෙවන නැමැති
දුක් හිර කරන් – හිත් තද කරන්
නොඉද ඉඳ නිදන් – වෙනසම සොයන්
Random Song Lyrics :
- caliente - jorge gonzález lyrics
- your ghost - octo crura lyrics
- tony montana - paldovey lyrics
- rick ross - jé santiago lyrics
- xtra-muzik! - sendo! & $cam! lyrics
- kiedy coś ważne jest dla mnie - tyron37 lyrics
- woke up - blacc zacc lyrics
- im hashanim - עם השנים - leah shabat - לאה שבת lyrics
- дочь мента (cop's daughter) - йорш (yorsh) lyrics
- timeless - alexxfoess lyrics