
duppatha - drill team westnahira lyrics
91 උපන්දා සිට, මා එක්ක යන එන තැන් වල හෙවණැල්ල ලෙස
මග හරිනට හැදුවත් බැරි උණ
සතුරද හොඳ මිතුරද දුප්පත්කම්
බෝර්න්….චෙක් වීරපුරන්,,වෙස්ට්නාහිර රැප් සීන් එකේ අපි යෝධයන්
වෛරයන් ක්රෝධයන් හිතේ නෑ ශෝකයන් ලෝකයක් ඉදිරියේ මචං අපි සිංහයන්
ඉපදුණේ රාජගිරියේ හිටියේ සිටුවරු වගේ
පියා වටේ රැස් උණේ මිතුරෝ පණ දෙන්න වගේ
කන්න දුන්න අත හපා කෑවා වාගේ….මාරු උනා මිතුරෝ හිතුවේ උන්ගේ ලාබේ
මේක මගේ වාරේ සල්ලි අතේ සතේ නැති කම හයියක් උනත් නෑ මා සැලුණේ
බල්ලන් මරලා හරි සල්ලි හොයල මොටද බඩගින්නේ මැරෙන එක සැපයිනේ
සතුට පිරුණු රටක දියුණු තියුණු ඒ ජීවිත වල පිරුණු වචනේ මියුරු…….
දු යනු අල් ප යනු ප යනු අල් ත යනු ක යනු ම යනු දරුණු……
(hook)
අපේ හිත් හොඳනං කාසි මොණරු ඇත්තු වෙස්මූණු චාටර් යටයි බං
දුප්පත් අපිනං අපිම අපේ හිසට සෙවණ හදාගමු නේද බං
එදා වේල නැතිනං කරපන් රැකියාවක් එපා ඉල්ලන්නට හිඟමං
දහඩිය හෙළපං දෙයියන්ගේ මල්ලි හොයාගෙන ඒ ෆන් එකේ ඉඳපං…
(e root)
මම දුප්පතා ගමේ සිට ආවේ කාසි පතා ඇබෑර්තු සොයා මම රජෙක් නෙවේ නෙවේ
නැතිබැරිකම් මැද ජීවන වන්ඩිය පැද්දේ
අතමිට නැතිවිට මිනිසුන්ගේ නෑ බොරු සද්දේ…
කටු අකුලේ කටු අතරේ කටු කමින් මා නැගිටිනකොට
අටු කොටු බැඳ හතුරන් 7,8 මා වටකොටගෙන සිටියේ
කාර් බාර් චක් ටේලර් කිට මරලා වර්ණ පෙන්නන්නේ නෑනේ මම සරම ගහල
පරණ කමිසේ ඇඳලා බෝඩිමේ අඳුරේ පැදුරේ සැත පෙන්නේ
ඔයා තමයි මගේ ජීවිතේ කියූ කෙල්ල පස්සේ මගේ
බ යන්න සිකල් ල යන්න සීට් එක උඩ කබල් ල යන්න
එපා කීව කණකර අබරණ තෝඩු මාල පැතුව රන්මසු මට නෑ කීවා මා එපා කීවා,
ඒත් මම හඬන්නේ දුක් වන්නේ තැවෙන්නේ වැළපෙන්නේ නෑ
බලනු දි යනු ලි යනු දු යනු කමේ අරුමේ.
(hook)
අපේ හිත් හොඳනං කාසි මොණරු ඇත්තු වෙස්මූණු චාටර් යටයි බං
දුප්පත් අපිනං අපිම අපේ හිසට සෙවණ හදාගමු නේද බං
එදා වේල නැතිනං කරපන් රැකියාවක් එපා ඉල්ලන්නට හිඟමං
දහඩිය හෙළපං දෙයියන්ගේ මල්ලි හොයාගෙන ඒ ෆන් එකේ ඉඳපං…
(kalu malli)
ක්ලාස් එක තර්ඩ් ග්රේඩ් එක සී පොකට් එක හිස් ෆෝන් එක චයිනීස්
ජොබ් එක චාටර් ටාජ් එකේ වේටර් ෂූස් දෙක කැන්වස් වන්ඩිය පාගල්
ගෙදර අම්මා මහනවා තාතා බව්වා දානවා කළු මල්ලි කිව්වම පැත්තම දන්නවා
අහපන් මගේ තාලේ නිදහසේ ආරේ අදහස ආවේ උඹ කිරිබොන කාලේ
අසමි දුටිමි සැම්තැන නොවෙමි පුදුම වෙති සැමතැන ඇත්තෝ කන රට විකුණ
බලනු හැර වට පිට රට කන විදිය වෙනස් කරමු ක්රමය 63ක් මදිද??
ධනවාදේ මමනං වාදේ මගේනං වාදේ අපි වාදේ
පතුරමු මතවාදේ නෑනේ තනි බුදු වාදේ
උතුරේ වතුකරේ ජොබ් නෑ සල්ලි නෑ කොල්ලෝ ෆුල් හන්ටර් මහ උන් නැතිකරේ
කුරුඳු වත්තේ නයිට් ක්ලබ් ඇතුලේ ගන්න
රජ ෆන් කැම්පස් රෝහල් පොදු වැඩ උසාවි නැත
කරල ෆුල් අජපල් වෙලා කුණු කන්දල් මොණර කොළ වලට කළා කඩාකප්පල්….
සෙට් වෙමු සැම එක තැනකට එක මිටකට සොයන්න විසඳුම් හරියට තිතටම
පෙරළමු පොත මාක්ස් වාදේ ආවේ කාලේ හරි වාගේ නාදේ ඩීටී ගාණේ
Random Song Lyrics :
- overrated - daena (usa) lyrics
- niknie zvēri - 19 gadi pirms sākuma lyrics
- basse couture - agada lyrics
- volaré (tomás heredia remix) - benjamín amadeo lyrics
- detroit is a scary place, but not hell - young roc lyrics
- mi na we (reply to frida amani) - rapcha lyrics
- masochismo - spleen (brighton) lyrics
- de vulgari eloquentia - rimasti male lyrics
- geschichten - daniele terranova feat. alpa gun lyrics
- alkoholister vid 15 (demo) - filip winther lyrics