
thawa dawasak | තව දවසක් - drillteam lyrics
[verse 1: manasick]
ඔයා හමුවෙද්දි මගේ හදවතේ කෙල්ලේ හිඩැසක්
අරමුණ වුණේ හදන්නට නිවසක්
තනිවුණා තනිකම වුණා වෙනසක්
තිරස් වුණා දුරස්කම කෙලින් වුණා සිරසත්
මල් හී සර ඔබේ ගී හඬ
නොදැනිම ඔබගෙම වී මේ හද
ආදර ඔබේ කතාව
බලන් ඉන්න ආසයි කෙල්ලේ ඔය විලාසිතාව
යමු යට කුඩයක අපි උදයක
තෙමෙමුද වැස්සේ කෙල්ලේ දිනයක?
මන්දාරමේ ඔයා දුටු දින ඉඳන් තනිකම අවධානමේ
ආසයි ඔබ බලා සිතුවම් අඳින්නට
පින්සලක් වී තොල් මත ඇවිදින්නට
ඔය හද පිරික්සන ඇල්මෙක දිස්නෙ මං
හිත කොනිත්තන බැල්ම නම් ඉස්තරම්
මේ ගමනෙදි එයි කෙල්ලේ බාධක
එක්වෙලා හොයමුද සාධක
හීන මැව්වා ඇති වවමු දැන් යායක
“ඔයා වෙන්න ගීය මම වෙන්නම් ගායක”
ඕන නැහැ මට වෙන්න වගේ “සාලිය”
රැකගන්නම් ඒක රාජකාරිය
රාජකාරිය රාජකුමාරිය
වෙනවද කෙල්ලේ “bornaගේ මනමාලිය”?
[hook: yuki]
මේ ගින්න කාන්තාරේ
ඔබ නිව්වා සංසාරේ
සැනසෙන්න මා හා එන්න මා හා
ළං වෙලා සඳේ
තව දවසක් ඔබ හා
සිප ගන්නම් වෙළි…ලා…
තුරුළේ… සුවසේ…
[verse 2: manasick]
කළා දඟකම් හිතුමතේ
මොහොතක් ගාණේ හද ඔබ ලිව්ව දේ
ඔයා කිව්වා මම ඔයාගේ උරුම දේ
වුණ හොඳම දේ ඔයාව දිනුව දේ
කෙල්ලේ එක් වී හදමුද අපි අහසක්
එක් වී සිහින මවමු දහසක්
මකා දමමුද අර තරු රෑන
අතිනත් අල්ලන් බලමුද ඈත
තත්පරේකට නෑ හුදෙකලා
හිත අස්සේ ඉඳලා ඔයා මුර කළා
ලොව ලස්සනම දෑස මිහි කලා
පිණි වැස්ස වහින බිහිසුණු කළා
නොනිදා පාරන් අපි නොහිතා වාරණ්
දුටු මුල් දිනේ සංවාද කෙරුවේ පාඩම්
දඟකාර දෑස කළා ඔයා සමාදන්
පැහැදිලි අනාගතේ යමුද පාදන්?
[hook: yuki]
මේ ගින්න කාන්තාරේ
ඔබ නිව්වා සංසාරේ
සැනසෙන්න මා හා එන්න මා හා
ළං වෙලා සඳේ
තව දවසක් ඔබ හා
සිප ගන්නම් වෙළි…ලා…
තුරුළේ… සුවසේ…
මේ ගින්න කාන්තාරේ
ඔබ නිව්වා සංසාරේ
සැනසෙන්න මා හා එන්න මා හා
ළං වෙලා සඳේ
තව දවසක් ඔබ හා
සිප ගන්නම් වෙළි…ලා…
තුරුළේ… සුවසේ…
Random Song Lyrics :
- the queen is dead - cokie the clown lyrics
- dh & cc - pul'sy lyrics
- superhuman (gammer remix) - slander lyrics
- save me now - vory lyrics
- that time i killed my mom - cokie the clown lyrics
- paperisetelit - uusi päivä feat. bongolava & jenni jaakkola lyrics
- he is faithful - bryan & katie torwalt lyrics
- pirate - gims lyrics
- magiske toner - warren casey feat. jim jacobs, tom sterri & various artists lyrics
- riot - yung kage (pt) lyrics