lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

mal ware - erandam lyrics

Loading...

ශෘංගාරිය ආලෙන් මා
මනලෝල නයන ආලිංගන පා
හද මාගේ දවා ආවේ පාවෙලා

පින්සාරියෙ බැල්මෙන් මා
රතු රෝස සිඹින සයනේ සතපා
මධු පානේ මිහිරේ මවා ගෙනා
හසකැන් මාරුතෙන් පාරනා සීල සංගායනා
රස තැන් රාගයෙන් මත් කළා රූ සරා

මල්වාරේ මල්කෙමි පෑදී වෑහෙනා
සිහිලාරේ පෙම් ඵල පීදී මෝරනා
පෙම් වාහේ මාගේ බාරී රංගනා
යං ආයේ සඳ දිය ගැඹුරින් වන්දනා

සංසාරේ පෑහි ආවෝ * දෑඟිල්ලේ රන් ගෙනාවෝ
දිසි මානේ රූ සොබා පුරුදු ආලෙන් ළංවෙනා
වස්සානේ හීන ගෑවෝ * සිත්තම් වුණු අංගනාවෝ
ළමැදේවී ආත්මයෙන් හාදු කැන්ඳලා
හසකැන් මාරුතෙන් පාරනා සීල සංගායනා
රස තැන් රාගයෙන් මත් කළා රූ සරා

සඳ දෑලේ නෑවි ආවෝ * විඳ නිල්ලේ මල් ලතාවෝ
බැඳි පාසේ ඈ වටා සුමුදු තාලෙන් මං වෙළා
සැණකෙලියේ ගීය ලීවෝ * ගෙත්තම් කළ රූපිකාවෝ
යළි මාගේ ස්නේහයෙන් හාද බන්ඳලා
හසකැන් මාරුතෙන් පාරනා සීල සංගායනා
රස තැන් රාගයෙන් මත් කළා රූ සරා

Random Song Lyrics :

Popular

Loading...