
wikara - mihisuru lyrics
verse 1 :
දිනපතා උඩ බලන් නිල් අහසම
හිතුවා මොනා ලියන්නද දවසම
පය තියන්න බෑ බෙදන් මුන් පොළොවම
ඇයි පොළොවම බෙදා ගනින් මුළු අහසම
ලියන්නද රට ගැන මේ
පැටලිල ඔළුවම ගැන හිතලම ඒ
ආදරයනම් තහනම් මෙහේ
ජාති බේද විතරයි මෙහේ
ගලපල නෙමෙයි පස්මහ බැළුම්
ඉපදුනෙ බලන් ඉන්නද මේ වැනුම්
හදාගෙන දැක්කෙ නැති පාට බැළුම්
අපි බෙදාගෙන පාට කන්නෙ ලෝකයක් මැරුම්
ගැහුව ලේබල් අපි ඉපදුන දාම
බෙදල ආගම් ජාති බෙදන් නෙක පාට
හිරවෙල වචනෙක නම් සාම
ලීව උප්පැන්න ගිනි ගනී තාම
දාපු කණ්ණාඩි වෙනස් ඔව් උඹයි මමයි ලෝකෙ දැක්ක පාට වෙනස්
පුරවන්නෙ ඔළු ගාත මනස් ගියා හොයාගෙන ඇත්ත වෙලා පාට හරස්
කියන්නෙ මෙ මොනා ගැනද
මට තේරෙන්නෙ නෑ ආයේ නිදාගන්නද
අපි ඉපදුනෙ බෙදාගෙන මරා ගන්නද
නෑ තොපි මරා ගන්න හැටි බලා ඉන්නද
ඉපදුන හින්ද ගෙවන විදින විදවන
රවුමක අපි එකම වේගෙන් කැරකෙන
මැද ඉදන් බලාගෙන අත් බැදගෙන හිටගෙන එනතුරු දවසක් නවතින
පිළිවෙල මගෙ අපිළිවෙල
ඉදිරිපෙල වුනත් එකයි මට අන්තිම පෙල
දැම්මට මාලෙ මම දැම්මෙ ඒක සිදින්න ගෙල
නගින හෙල පොරකාගෙන සිදිමින් ගෙල
chorus :
සිතුවිලි සීමාවක් නැති
ගීතයක් තේමාවක් නැති
බිදගෙන සීමාවන් යමු හොයාගෙන ලෝකයක් මුරකාවල් නැති
මුරකාවල් නැති…ලෝකයක් මුරකාවල් නැති
බිදගෙන සීමාවන් යමු හොයාගෙන ලෝකයක් මුරකාවල් නැති //
verse 2 :
ගිනිගෙන ඔළු බිලිගෙන
ඉමු බලාගෙන මිනිසුන් ඒ පිරිහෙන
ඇති ආලෝකය මට ඒ දිළිසෙන
යන්න ඕන මට අද කළුවර පිළිගෙන
හාමත උඩින් පාවඩ
යයි දාගෙන තැලෙයි ඔළු උන් පාගන
ඉතින් දාගෙන කණ්ණාඩි උන් සාදන
ඇති අහලම උඹලගෙ සංවාදම
නගිනවා ඉර බහිනවා
උඩ බලාගෙන මැරෙනකන් දින ගනිනවා
පොද වැටෙනවා වහිනවා අපි තෙමෙනවා
ආයෙ ඉර පායනකන් දින ගනිනවා
ඔළුවම පුරවාගෙන විකාර
මමත් ඉන්නෙ යන්න ආසන්නයි පිටාර
නවත්තල අහපන් හිනාව
කඩපන් තත් උඹ ගහපන් ගිටාර
මැවුව හීන බලාගෙන තරු දිහා
හීන ගියා අරගෙන තරු දූවිලි වෙලා
අරමුණක් නැති හිතක් දිහා බලා
පිළිපැද්ද අපි අණ හිතින් ගෙන ඇස් පියා
පොත ගණන් පිටි පස්සෙ පේළි ගනන්
පිටු ගනන් ලිව්ව දේවල් ඇන්ද බලි ඇති තරම්
නිවෙනකන් ගිනි කෙල හිදෙනකන්
ඇහෙනකන් ලෝකෙටම කියන්නන් කෑ ගහන්
ලිව්වෙ තනියම කිව්වෙ තනියම
කවුරු නැති වුනත් මම අහනව තනියම
ඔළුවල අනියමෙ ගිනියම
පුරවන් විදවන්නෙ උඩ ඉදන් සිතියම
සම්මතේ කඩන් දාගෙන කටේ
මරාගෙන තළු ගාගෙන කට වටේ
පාට පිරුණු ලෝකයක් වටේ
එපා කළු සුදු ලෝකයක් ඇත්තෙ හිතේ !
chorus :
සිතුවිලි සීමාවක් නැති
ගීතයක් තේමාවක් නැති
බිදගෙන සීමාවන් යමු හොයාගෙන ලෝකයක් මුරකාවල් නැති
මුරකාවල් නැති…ලෝකයක් මුරකාවල් නැති
බිදගෙන සීමාවන් යමු හොයාගෙන ලෝකයක් මුරකාවල් නැති //
Random Song Lyrics :
- magic - the black eyed peas lyrics
- photoshoot - andrés (aparicio) lyrics
- великий могол (great mogul) - слава кпсс (slava kpss) lyrics
- october snow - hayd lyrics
- gringo pistolero - michael martin murphey lyrics
- like yesterday - denzil porter lyrics
- l'importante è finire - simona bencini lyrics
- someday - steve earle and the dukes lyrics
- wet cement (aislyn remix) - the morning benders lyrics
- hamrahe aval - sina mafee lyrics