lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

nidi ne thawama - pcx1 present lyrics

Loading...

නුබේ ඇස් වලට මත්වුණු මගේ හදවත
ආදරේ කියන නාමෙන් පිරවීලා ඒ ගත හිත
ඔයා ලගින් ඉද්දී දැනුණු ඔය නිදහස
තමත් මතක් වෙද්දී පිච්චෙන්නවා හදවත

හැමදාම ආසකළේ ඔයා දකින්න
ලස්සනම මතක අතරේ තනිවෙන්න, නිවෙන්න
කියා දුන්නු නුඹ ගියේ කියා තනි වෙන්න
මං පතන්නේ හැමදාමත් ඔයා නිදුකින්ම ඉන්න ,,,,,

ඔයා මට මවාපාපු ලස්සන ලෝකේ
මුලදී මොනවා වුණත් හොඳයි, කලක් යද්දී ශෝකේ
අපි නැවති නැවති ආ ඒ පාරේ……
මතක සැරිසරයි මගේ හීන ලෝකේ

මුලදී දලු දාලා වැඩුනත් ලොකු ගස්
අන්තිමට නවතින්නේ පොලවට වෙලා පස්
අපි දෙන්නා ටිකට ටික හදපු මාලිගා
ඔයා ගියේ ඒවා වල දාලා වහලා පාස්…….

ආලේ ඇතත් නැතත් හිතින් උනා ඔයත් දුරස්
දුරස් උනේ ඇයිද කෙල්ලේ, මැදින් කවුද උනේ හරස්
තවත් හිතක් වැලඳගද්දී උනේ නැද්ද මාව මතක්
ලබන බවේ හරි මගේ වෙන්න හිතුනොතින් තවත් වරක්

ඔයාගේ වැරදි නොපෙනෙන තරමට උනා මං අන්ධ
අපේ කතාවේ ලස්සන කාලේ කොහෙද හෝරු අරන්දා
කෙල්ලේ, මාත් එක්ක ගෙව්නූ කාලේ මතකට එන්නේ නැද්ද
මගේ කනෙන් රිංගලා ගියේ කරලා මාවත් අන්ධ මන්ද
අපේ හීනේ පාට කළ සායම් මගේ දෙතොල්වල තවම
ගලක කොටපු අකුරු වගේ මැකෙන්නෙ නැහැ කවදාක
ආසයි නුබේ දෙනෙත් දිහා බලලා කියන්න ආදරේ තරම
ඒ හීනෙට යන්න පියවෙන්නෙ නැහැ මගේ ඇස් නිදි නැ තවම

Random Song Lyrics :

Popular

Loading...