lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

adaraneeya neranjana - priya sooriyasena lyrics

Loading...

ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා

ඔබේ මුදු මද හසරැලි මාලාවේ
වෙලී බැදුන දින රඟ ශාලාවේ
තුන් සිතකින්වත් නොසිතු විලසින්
යලි ඔබ දැකුමට ආ වෙලාවේ
අප හමුවූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක පමණකි තනිවූයේ
මටමම පුදුමයි අදහන්නට බැහැ
මමම නොවේ යලි ඉන් පිටවූයේ

කවුදෝ මා පසුපස එනු දැනුනා
පාලු වීදියේ තනිකම මැකුනා
ජීවමාන කිසිවෙකු සිටියේ නැහැ
එනමුදු කවුදෝ ඇතිබව හැඟුනා
නිදියහනේ මා නින්දට වැටුනා
ඔබාමා සිහිනෙන් අමතනු ඇසුනා
එනමුදු කෙලෙසද ඇගෙ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුනා

ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා

Random Song Lyrics :

Popular

Loading...