
60i - rudeboyray lyrics
hook : ravin’ b
දැණුනාත් මට කැළෑ මලේ සුවඳක් ආයෙත්
පැටළුනොත් හිත එරමිණියා ගාලක් වගෙයි කොහොමත්
ආයේ යන්න නැතත් මතකයෙන් ඉන්න ඇත්නම්
තාම සුවඳ දෙන්නේ අතීතයක සුව…
ඇසිපිය සැණින් හැමදේම වෙනස් වුණත්
අද ඊයෙ වගේ හැමදේම මට මතකයි තාමත්
ආයේ යන්න නැතත්, මතකයේ ඉන්න ඇත්නම්
තාම සුවඳ දෙන්නේ අතීතයක සුව…
verse 1 : ravin’ b
බෝවිටියා මාදං හිඹුටු ගමේ කොල්ලෙක් වෙන්නෑ වකුටු
අදටත් ගානක් නැ කටු ඇනුනට කෑවට බලු වෙන්නෑ නකුටු
චයිනිස් කඩ කොත්තු නෑ කුරහන් පිට්ටු හින්දා කෙට්ටු නෑ
පිටිපස්සෙන් වෙට්ටු නෑ එක වගේ කොයි කවුරුත් සෙට් ලු ඈ !..
ගව් ගණන් දුර සයිකල් පැද පැද, පික්චර් බල බල ගත්තෙම ආතල්
බෙල් බොටම ට මල් ගවුමක් සෙට් කරගන්න ට කාපු කට්ට ආතල්
නැහැ කුළී හෝටල් කැළෑ මැද්දේ හනිමූන්, හඳපානේ කපල්
ගැහුවම පාගල් ලේබල් නැති සුදු බෝතල්…
ඇති නැති පරතරයක් නෑ නැති බැරි අය වැඩි හින්දා ගානක් නෑ
කටු මැටි තරම් සුවයක් නැ මන්දිර නැතුවට කිසි අඩුවක් නෑ
අත්වල කරගැට ආවට බත් ටික ලිපේ ඉදේ නම් ගානක් නැ
පොත්වල දාන් හංගලා නෑ දත්වල මිස හිත්වල කහටක් නෑ…
රජ බොජුන් මක්කටැයි වෙල් මාළු බත් කටයි
මට නෙවෙයි දැන් හොඳට ම පාළු, විට කෑව හක්කට යි
හිත තාමත් ජෝගි නටයි, මතක් වෙද්දී යන්නෙ පොටයි
තැවෙන්නෑ බං ජීවේ කොටයි, කොල්ලෝ දැන් මට හැටයි…..
hook : rudeboyray
දැනුණාත් මට වැස්සේ දූවිලි සුවඳක් ආයෙත්
පැටළුනොත් හිත එනිග්මාවක් වගේ දරුණුයි කොහොමත්
ආයේ යන්න නැතත්, මතකයේ ඉන්න ඇත්නම්
තාම සුවඳ දෙන්නේ අතීතයක සුව…
ඇසිපිය සැණින් හැමදේම වෙනස් වුණත්
අද ඊයෙ වගේ හැමදේම මට මතකයි තාමත්
ආයේ යන්න නැතත්, මතකයේ ඉන්න ඇත්නම්
තාම සුවඳ දෙන්නේ අතීතයක සුව…
verse 2 : rudeboyray
අඩි පාර ට වැටුණා කාපට්, අඩියෙන් අඩිය ට සුපර්මාර්කට්
කරබාගෙන දත කාගෙන පැය 24ම මං කවර් කෙරුවා ටාර්ගට්
කාලය ගලන්නේ ෆාස්ට්*ෆෝවර්ඩ්, ඒත් අපි හිතන්නේ ස්ලෝ
වෙඩින් එකට අනිවාර්යයෙන් වරෙන් කිව්ව පන්තියේ උන් දැන් කෝ?…
හැතැප්ම වෙලා දැන් කිලෝමීටර්, ෆෝන් එකේ ඝණකම නැනෝ මීටර්
හොයාගන්න පුළුවන් ද බේතකට එකෙක් ඉන්නවා ද බැලුව උන් ටීටර්
ඉස්සර වගේ නෙවෙයි ඔරවලයි බලන්නේ ළඟ ඉන්න මිනිහෙක් කැස්සත්
මනුස්සකමත් දැන් ඉඩෝරෙට අහුවෙලා ඒකයි නැතුව යන්නේ වැස්සත් !
අතරමං වෙලා තුන් හිත කල්පනාවක, මිනිස්සු වෙනස් වෙලා ඇස් පනාපිට
මතක් වෙනවා ලව් කරපු හැටි හිතින් රොබින්සන් අන්දරේ ක්‍රිස්ටිනා හට
රුපියලේ කාසියෙන් තට්ටුව දාගෙන කට්ටිය වීදුරු බෝතලේකට
මහා ඹබා වුණත් නටවන්න පුළුවන් සෙට් වුණොතින් ඩොල්කිය සර්පිනාව ට…
හිත රිදෙන කතන්දර බෝමයි, මේවා බලන් හිනාවෙලා ඉන්නේ කෝමැයි?
මං කියන දේවල් තේරෙන්නැති එකේ පුදුමෙකුත් නෑ නේ තොපි කෝලයි
දැන් වෙලාව පාන්දර දෙකයි තිස් හත යි, කාමරේ ඉන්නේ මම යි හිස් හිත යි
තව ගියර් නෑ දැන් ජීවේ කොටයි, කොල්ලෝ දැන් මට හැට යි…
Random Song Lyrics :
- águas - maria sil lyrics
- cursed buzz lightyear sing a song - aaron fraser-nash lyrics
- edgware to kensal rise & willesden green - trinitezy lyrics
- šarena marama - vida pavlović lyrics
- do the work - nicki neal lyrics
- teenager's dad - marty robbins lyrics
- lullaby - mikolas josef lyrics
- seed stitch - emily portman lyrics
- caelestis - murmur lyrics
- motel! - jxdchive lyrics