
atlas | ඇට්ලස් - rudeboyray lyrics
hook :
මිනිස්සු එක්ක බෑ… මට නම් ඇති දැන්.. හහ්!
ආත්මෙට කන්න නෑ… “හාමත් සතෙක්” මං.. ආහ්!
මම නම් දන්නේ නෑ… ඔව්! මොකක්ද ඇත්ත.. හහ්!
මේවා දකිද්දි ඉන්න බෑ, මට බලන් උඩ නැත්තෙක් වගේ ඇහැ*කණ… ආහ් හාහ්!
මිනිස්සු එක්ක බෑ… මට නම් ඇති දැන්.. හහ්!
ආත්මෙට කන්න නෑ… “හාමත් සතෙක්” මං.. ආහ්!
මම නම් දන්නේ නෑ…
දකිද්දි ඉන්න බෑ, මට බලන් උඩ නැත්තෙක් වගේ ඇහැ*කණ… ආහ් හාහ්!
verse :
මේවා අළුත් දේවල් නෙවෙයි පරණ කථාමයි කියන්නේ මම
වහල්ලු අපි brand name වල, උන් අපිවත් ගහලා හණ
සාක්ෂරතාව උඩ ආවට ප්‍රඥාවයි අදින්නේ පණ
මරාගන්නවා හාමුදුරුවෝ දැන් rappers ලා යි කියන්නේ බණ….
වැඩක් නෑ මේ ලෝකෙ හතරවටේ දැන් දවස ගානේ මං දකින්නේ කෝලං
වර්ණ අන්ධතාවය හැදිලා ඒකයි යන්න බැරි නිවැරදි වරණ ය තෝරන්
ලෝකෙ හැටි * පෘතග්ජන අපි, හැමදාම ළඟ නැති දේමයි ඕනා
“ජයමර්ධනපුර” නෙවෙයි මොනවා වැනුවත් උඹ ආයෙත් පරාදයි “borna”….
උඹලා කාළකණ්නි… ගියත් “වේලන්කන්නි”
තිබ්බා තමයි මනුස්සකම අපි එක පතේ අනන් වේලක් කද්දි
ගිහිල්ලා ආගම් පන්ති… ජාතිය බේරගද්දි
තිරිසණ්නු වෙලා මොළයක් නැති, කැඩුණු * හදවතේ හතරහන්දි….
විෂාදය විශාල පට්ටමක් ද? එහෙනම් දැනගනින් දැන් මං විශාරද
උදේ * රෑ * දවල් මනෝ ගහන් ඔහෙ කැරකෙන මට මොන විරාමද?
සමහරු කිව්වා මට වැඳපන් කෝවිල්, පල්ලි, පන්සල්, විහාර ද
කොහෙ නිවන්න ද පිරිත් පැන් ඉහලා මගේ ඔළුවෙ ගින්න මොන විකාර ද?….
විසිරුණු හීන * වදන් වලින් ගීත, වර්ණ කළා මම අරගෙන පැස්ටල්
සරළ නම් නෑ, විරල ම යි ඈහ්!.. මොළේ ඇතුළේ වැඩකරනවා “පැස්කල්”
පැරදිලා මම ජීවිත තරඟේ, නැවතිලා අවකාශෙක නැතිවෙලා address
මුළු ලෝකෙම බර මගේ කර උඩ වගේ මට හිතෙනවා මම තමයි “ඇට්ලස් !”… හහ්!
මගේ මනස බැඩ්මින්ටන් මලක් වගේ.. රැකට් දෙකෙන් දෙපැත්ත ට හැප්පී හැප්පී
වැදි වැදී මාරු වෙන * පැති මාරු වෙන * වැටී වාරු වෙන හැටි මං දනී
වෙන භාෂාවක ෆිල්ම් එකක් මේක බොලාට තේරෙන subtitle නැති
මගේ ඔළුව කියන්නේ කිරි හට්ටියක්, මම ම කනවා ඒක දාගෙන පැණී…….
Random Song Lyrics :
- pronto pra te amar - pabllo vittar lyrics
- how ma - omel lyrics
- ärrrrr - herra ylppö & ihmiset lyrics
- black and white - lusitania lights lyrics
- air max 95 - senio4k lyrics
- se te apagó la luz - melymel lyrics
- hey nirmaya - samir moktan lyrics
- sos - romulus stoicescu lyrics
- simple shirley - mikey hash lyrics
- les vacances au bord de la mer - brigitte lyrics