lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

rapappa / magnet - shan putha lyrics

Loading...

[intro]
සංකීර්ණ දේවල් නෑ මනුෂ්‍ය මුහුනූ තරම්
නගයෝ හීල වෙන්නෑ නලාවට පුහුණූ කරත්
ලියාගන්න සිහිනෑ වචන එන තරමක්
bars කලු සුදු පුතා වරෙන් ගහමු කැරමක්
පච්ච පිච්ච නෑ
සෙම් සෙවල නෑ
කාල් අරික්කාල් නෑ
නියම රත්තල්

[verse: shan putha]
(ya ya)
යකා ඉන්නෙ ඇතුලෙ අරක්ගෙනයි කනත්තේම කරක්ගා
රැප ඉන්දු නිම්න මං මොහෙන්ජෝදාරෝ හරප්පා
ඇතුල්වීම තහන්ම්
ආවෙ වැට කඩාගෙනයි
උඹලා කටින් සටන් ගැනයි
shana වැඩ පටන් ගෙනයි
rap අහන්නෙ පන්නාගෙනයි
විරහා ගී මනාප නෑ
වැඩනෑ දෙකයි පනහේ
බොරු පඩනම් වැඩක්ම නෑ
මේ සෙල්ලම අවුරුදු 4ක් කරා මං ආම්බාන්
ඕන එකෙක්ගෙන් අහලා බලහං බං
ගන්නවා ඩෝ කලාම්බාන්
උඹලට පුළුවන් දෙයක් කරහං බං
okay ඕනම ලබ්බක් බං
සිහිවෙනවා උඹලඟෙ අම්මා අප්පා
ගහලා දානවා
එපා වෙනවා “රැප් අප්පා”
ඔව්… පිට වානෙන් වාන් දාන්
තව සිංදු දාං දාං
තා පොඩ්ඩක් වෙලා ඉඳහාං
ඇදලා ගන්නවා මේ පැත්තට උඹලා දැම්මා කාන්දම්
තිබ්බට මුරුංගා අත්තෙ වෙන්නෑ වෙන්නෑ ඩෝ මං ආඳා
හත්පොලෙ ගාගන්නෑ මං නොදන්න මත්ද්‍රව්‍ය වද්දං
ගොක්කොළ පෙන්නුවත් නෑ ‘ලේ අත්වල ගාගන්න පුරුද්දක්’
set නම් 5k දාහං
set නම් 5k දාහං

[verse: shan putha]
මම ලෙඩ්ඩුන්ට කරනවා සාත්තුව
වැඩ්ඩොන්ගෙ හෙනහුරා මම සෙල්ලමට පාත්වූව
පෘතක්ජනයෙක් මිස එකෙක් නොවේය මං රහත් වූව
ඔව් මොන කෙරුමා උනත් සෙට් නැත්තම් මල්ලි ගනං ගන්නෑ මාත් ඌව
මගෙ වාචාලයි කට මම ‘කාල’ නෙමෙයි ‘පුස්ත’
දැක්ම උත්කෘෂ්ඨ
දාර්ශනික පොරවල් බලුවීය නොදත් හෙයින් එවුන් ලෝ ධහම අෂ්ඨ
මචං දැනමුතුකම් දෙන්නම් මම නොතියා ගුරුමුෂ්ඨ
මම හිනා උනොත් හිනා වෙනවා පෙන්නා 32ම
තාම වැඩ දැම්මෙ නෑ හරියට පල්ලා මගේ ඇස් දෙකම
මම ‘lester james peries’ රැප යනු “බැද්දෙගම”
rap අහන කොල්ලො උස්සපල්ලා අත් දෙකම
one man show brow උඹලා all out
මම no answer bro එකලඟ call ආවොත්
representing sri lanka

Random Song Lyrics :

Popular

Loading...