
sandamali | සඳමාලි - shan putha lyrics
මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම
ඉද්දි මඟහැරී ගියා වස්සානෙ..
කලකට ඉස්සර දෙවඟන වෙස්වලා
මං ළඟට බැස්ස මෙ යක්ශනි..
කුණුගොඩේ මැස්සා මං..
තේරුම් ගත්තෙ පස්සෙ මං
ඒත් මම පනපිටින් සඳමාලි..!
සිඳීයන සන්තකේ salary නිවන් දකී
අනේ අනිච්චං සංසාරේ…!
සඳ වට ගෙතු ගෙත්තම් වගෙ පුංචි තරු රෑන
මගේ ලෝකෙ වටකරගෙන මට ගෙනා හීන
දෙන්නෙක් එක්ක බෙදාගෙන කන්න උනා මගේ නෝනා
හරියට ගුත්තිල මූසිල එකතු වෙලා වැයුවා වගේ වීනා..
ලෙඩ්ඩු ගැන හොයල බලල ලෙඩ කිව්වට දොස්තර
මම උඹට ආදරෙයි කිව්වෙ හොයල නෙමෙයි විස්තර
මේ.. ගෙවල් වලට කියමු කිව්වට ඒවා දැම්මා පහුවට උඹේ address එකවත් කිව්වද බොල මං පුන පුනා ඇහුවට
පැනලා යමු කිව්වා
මමත් ගොනා වගේ ඇහුවා
පැනල ගියපු මුල් දවසෙ මම එලි වෙනකං බිව්වා
උඹ රහට කෑව ඉව්වා උයලා අත උඩිම්ම තිව්වා
අනේ මං කටක් කාලා කටවල් දෙකක් උඹට අනලා කැව්වා..
උඹ තරුවක් කරලා
මාව පොලවට එවලා
අතර මැද කවි ලියලා දෙවියො ලොකු වරදක් කරලා…
ජීවිත කාලෙ පෙරුම් පුරලා ලඟට ගත්තෙ උඹව ඉඹලා
උඹ ගියා පැදුරටත් නොකියම මගෙ ආදරේ මඟ හැරලා..
උණුහුමට ආස මම දැං ඉන්නෙ හීතලේ..
මගෙ තනිය රැක්කෙ බයිට් එකයි සුරුට්ටුවයි බොතලෙයි..
කලාබරව හිටපු මම රැවටුණා උඹේ රැජිණට හිස්කෝප්ප වටේ තියන්
මං දැං කෙල්ලෙ ගෙදර යන්නෙ රුයිතෙට…
මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම
ඉද්දි මඟහැරී ගියා වස්සානෙ..
කලකට ඉස්සර දෙවඟන වෙස්වලා
මං ළඟට බැස්ස මෙ යක්ශනි..
කුණුගොඩේ මැස්සා මං..
තේරුම් ගත්තෙ පස්සෙ මං
ඒත් මම පනපිටින් සඳමාලි..!
සිඳීයන සන්තකේ salary නිවන් දකී
අනේ අනිච්චං සංසාරේ…!
බස් එකේදි දැක්කෙ
දැකපු ගමන් වැදුනා බොක්කෙ
ඒකි පිලිවෙකට මුල ඉඳන්ම සෙම ඇරියනෙ හක්කේ..
අන්ද මන්ද උනා ඒකි බස්සපු ලොකු බෝලෙන්, මගෙ උකස් වීම පටන් ගත්තෙ කරේ තිබ්බ මාලෙන්
කල් ගියා ටික ටික, දින ගෙවුනා එක දෙක, සුදු මුහුන, හුරතලය හැමදේම දැක දැක
මචං උඹට කොහොම
මම කියල ඉවර කරන්නද පල් වෙලා ඇට්ටි ගැහිලා මචං චොර වෙනවා මගෙ දුක
කෝටිපති බෑනා, මගෙ නැන්දගෙ සුදු බෑනා..
දුර ඉදන් හොට දානබව මට හොඳින් පේනා
කාලකන්නි මහසෝනා අරන් ගියා මගේ නෝනා, මගේ කැස්ස වගේ පිටට පොඩ්ඩක් තට්ටු කරපං shana…
ඔයා මගේ පන කියල
ඔලුව ඉඹලා සිංදු කියල
හිටපු එකී ගියා හොටු හූරපු ලේන්සුවක් තියලා
අපේ අම්මා බත් අනලා කටින් කට මට කවලා අහනවා ” කෝ පුතේ අර උඹේ සුදු නෝනා…?” කියල
දුකයි මචං ගොඩක්, වහ බොන්න හිතුනා අනන්තවත්, රට්ටු අහන ප්‍රශ්ණ වලට කෝබං දෙන්න උත්තර
ලැජ්ජාවේ සංතෝසයි, දාමත් මම තනිකඩයි, උඹ වගේම මාත් බලනවා මංගල කිංකිණි පත්තර….!
මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම
ඉද්දි මඟහැරී ගියා වස්සානෙ..
කලකට ඉස්සර දෙවඟන වෙස්වලා
මං ළඟට බැස්ස මෙ යක්ශනි..
කුණුගොඩේ මැස්සා මං..
තේරුම් ගත්තෙ පස්සෙ මං
ඒත් මම පනපිටින් සඳමාලි..!
සිඳීයන සන්තකේ salary නිවන් දකී
අනේ අනිච්චං සංසාරේ…!
Random Song Lyrics :
- suno vs. udio - epic rap battles of suno lyrics
- here comes the crab moon - dog fork lyrics
- girlfriend - octopus (uk) lyrics
- mukke paye si song - b. praak lyrics
- fog - slic lyrics
- jenny, i love you - e l e y lyrics
- code - ayo.preesty lyrics
- all my people (edit) - confidence man & sweely lyrics
- burst down - rafaelauviah lyrics
- search for me - elisabeth yndestad lyrics