
anuragika nethu mane piyanagala - udara rathnayake lyrics
අනුරාගික නෙතු මානේ පිය නගලා
මන්දාකිණි තරු යායේ සැරිසරලා
සිහින මවනා දෙනෙත සොයලා
පවන කලතා හැඟුම ගවසා
අහස කළඹා ඔබම සොයනා
දිවිය නොතකා ඔබම පතනා
ශුංගාරිය සොයා මන්දාකිණි ගෙවා
මහා මෙර දවා ඔබ වෙත ලං වෙමි සදා
මා ඔබෙ දෑතම දරා
ගෙන යමි ලෝකය පුරා
ආදර හී සර යවා
ඔබ වෙත ලං වෙමි සදා
රෑ මැව් හීනය පුරා
ඔබෙ රුව මා දුටු නිසා
ලෝකය පාමුල තියා ඔබ වෙත ලංවෙමි සදා
ආශා ලං ලං වේදෝ සැමදා…
මා ඔබෙ දෑතම දරා
ගෙන යමි ලෝකය පුරා
ආදර හී සර යවා
ඔබ වෙත ලං වෙමි සදා
රෑ මැව් හීනය පුරා
ඔබෙ රුව මා දුටු නිසා
ලෝකය පාමුල තියා ඔබ වෙත ලංවෙමි සදා
මගෙ හදවතේ රුව මැවේ
නිල් නෙතු ඇගෙ මට දැනේ
හැඟුමන් මැවේ රෑ තුන් යමේ
ඔබ ගැන නිතරම සිතේ
සිතුවිලි මගේ සසල වේ
මල් පිනි වගෙ සුව දැනේ
රිදුමන් නොදේ මතු කිසිදිනේ
ඔබෙ නෙතු නිතරම මැවේ
මා ඔබෙ දෑතම දරා
ගෙන යමි ලෝකය පුරා
ආදර හී සර යවා
ඔබ වෙත ලං වෙමි සදා
රෑ මව් හීනය පුරා
ඔබෙ රුව මා දුටු නිසා
ලෝකය පාමුල තියා ඔබ වෙත ලංවෙමි සදා
ආශා ලං ලං වේ දෝ…
යන්තම් පාවී යන් යන්නේ දෝ සැමදා…
Random Song Lyrics :
- wishlist - felix jaehn lyrics
- wooogang - emzyg lyrics
- bad for my heart - navayah lyrics
- ticking bomb - palmaria lyrics
- i - jocstar lyrics
- сиреневый закат (lilac sunset) - ханифедя (honeyfedya) lyrics
- left & right - beekay da deejay lyrics
- desce e para um pouco - vk mac lyrics
- dark heart waiting (club mix) - markus schulz lyrics
- good day - jonmosslol lyrics