
dear god - umaria lyrics
පසුවන්නේ මා
කඳුලැල් පුරවා
යුධ ගිනි දැවෙනා
ලෝකය දුටුවා
ගිනිදැල් මැද රඟනා
මිනිසුන් ගැන සිතලා
වර්ගේ නසා හැකිද දිනුම ගන්න?
තරා තිරම කුමට එකට යන්න ලෝකෙන් ලෝකේ?
ස්වර්ගේ තවත් දුරද අපට යන්න?
(නොදනිමි දෙවිඳේ)
එන්න… දෙන්න… දෙවිඳේ දැන් සමාව
දෙන්න… එන්න… දෙවිඳේ දැන් සමාව
දෙවිඳේ දැන් සමාව…
රුධිරෙන් තෙමෙනා ලෝහිත ලෝකේ
ගින්නෙන් පන්නර වෛරය හෘදේ
ලෝහිත ලෝකේ
වෛරය හෘදේ
නැසුවා ප්‍රේමේ
මිහිපිට ලෝකේ (අ…)
එන්න… දෙන්න… දෙවිඳේ දැන් සමාව
දෙන්න… එන්න… දෙවිඳේ දැන් සමාව
එන්න… දෙන්න… දෙවිඳේ දැන් සමාව
දෙන්න… එන්න… දෙවිඳේ දැන් සමාව
හිස්වන්නේ මා
හසරැල් සිඳිලා
පිළියම් සොයලා
වෙහෙසෙන්නේ මා
ගිනිදැල් මැද රඟනා
මිනිසුන් ගැන සිතලා
රුධිරෙන් මතුරා
බිලි පුද සොයනා
මිනිසුන් නොව උන් තිරිසන් වුවා
නිරයට යන මග උන් දැන උන්නා
ඒ මග ලෝකය යැයි වැඳ වැටිලා
ගිනිදැල් ලෝ තලයේ
නිවන්න කල් යන්නේ
ඇවිලෙන තැන් අඳුරේ
නිවන්න කාලය මේ
නිවන්න කාලය මේ…
අපේ අතේ
ගැලවියාම අපේ අතේ
නැත පුතේ
පලායාම ඵල නැතේ, ඵල නැතේ
(ඒ… ඒ…) සටන මේ, (ඒ… ඒ…) අපේ අතේ
වාද භේද ගොඩනඟනා මිනිසුන් දුටුවා
රාග දේශ බිහිකරනා පටු තැන් දුටුවා
අහස පොළව දෙදරා දැන් වෛරය පිපුනා
සරණ සොයා යන මිනිසුන් අඳුරෙම ගිලුනා
(දෙවිඳේ දැන් සමාව…)
(දෙවිඳේ දැන් සමාව…)
රුධිරෙන් තෙමෙනා ලෝහිත ලෝකේ
ගින්නෙන් පන්නර වෛරය හෘදේ
ලෝහිත ලෝකේ
වෛරය හෘදේ
නැසුවා ප්‍රේමේ
මිහිපිට ලෝකේ
එන්න… දෙන්න… දෙවිඳේ දැන් සමාව
දෙන්න… එන්න… දෙවිඳේ දැන් සමාව
එන්න… දෙන්න… දෙවිඳේ දැන් සමාව
දෙන්න… එන්න… දෙවිඳේ දැන් සමාව
Random Song Lyrics :
- 666 full speed ahead - the fright (de) lyrics
- облако (cloud) - trinergy lyrics
- you're so london - julie andrews & carol burnett lyrics
- takeover - deathsick lyrics
- девочка истерика (hysterical girl) - reedum lyrics
- mehapes tohnit - מחפש תוכנית - hillel gutman - הלל גוטמן lyrics
- smile - simere lyrics
- right here - shalamar lyrics
- univers - clementino lyrics
- temmuz - ayşe özyılmazel lyrics