
samugena yannemi - vernon perera feat. indrani perera lyrics
Loading...
සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට
අපෙ මතු දියුණ සොයා
සිතකින් නොව මා නැව් නැග යන්නේ
සිත ඔබෙ තුරුලේ තියා
ගතින් මෙතැන මම සිතින් ඔබගෙ ලග
කිසි දින වෙනස් නොවේ
ජීවිතයට නැත ඔබෙ සෙනහස වැනි
මිනිකිරුලක් මේ ලොවේ
සුදු මුදු වැල්ලේ මීදුම් තුරුල්ලේ
නැව ඇදීලා යනවා
මද පවනැල්ලේ සිත කැලබිල්ලේ
ඔබ ගැන සිහිවෙනවා
ප්රිය සුහදානනි මා සිරවූයේ
දුක්බර බිම් ගේකයි
ඔබෙ රුව නොපෙනි
කටහඩ නොඇසී
ගත සිත අවිවේකයි
වෙරලට දිලිසෙන විදුලිය රේඛා
අතරින් එබෙනු දැනේ
අදුර කපාගෙන පහන් ටැබක් ලෙස
ඔබ මට දුරට පෙනේ
මටම ලැබෙන තෙක් සක්වල පාලන
දෙවියන් රැකදේවා
සසර සරන තුරු ඔබ මට නොනිමෙන
රන් පහනක් වේවා …
Random Song Lyrics :
- голая (naked) - leon libre lyrics
- el souvenir - ilegales lyrics
- autobahn - harmand ponder lyrics
- havana - camila cabello 'on street' - big marvel lyrics
- letzter tanz - otto normal lyrics
- 9 lettres - larselene lyrics
- gun factor - anu-d lyrics
- rat race - idle warship lyrics
- untitled 2 - dropping a popped locket lyrics
- feel the same - milkk lyrics