lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

kandulu kathawe - w. d. amaradeva lyrics

Loading...

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුනු දා.
සිහින ලතාවේ මලක් පිපුනු දා.

සතුටු ගඟක් ගැලුවා.
හදට හදක් බැඳුනා…

ආසිරි චාමර පවන් සැලී.
සෝ දුක් සංකා සෙමින් වැකී
සෝ දුක් සංකා සෙමින් වැකී
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ.
අපේම ලොව අප තනිවූවේ.

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුනු දා.
සිහින ලතාවේ මලක් පිපුනු දා.
සතුටු ගඟක් ගැලුවා.
හදට හදක් බැඳුනා…

සුසුමක පාකර හසුන් යවා.
දෙතැනක තනිවී හඬා දොඬා
දෙතැනක තනිවී හඬා දොඬා
ගෙවූ අතිතෙන් අප සමුගන්නෙමු.
අළුත් ලොවක රන් කිරුළු දරා.

කඳුළු කතාවේ…

Random Song Lyrics :

Popular

Loading...