
alu yata gindara - wagmee lyrics
[[ first verse ]] [sky]
තදට දැනෙන වචන හිමිට දෙනවා රසට
අහලා බලන සැමට වැටහේ කරුණ තිතට
බොරුවේ රගන රගනු එපා මගේ තරුණ සිතට
අහන සෙල්ලම නෙවයි මෙම දන්නේනෑ මේක එලට ලගට
කරන්න බෑ කාවත් විශ්වාස විතරයි හුස්ම කර ආශ්වාස පුළුවන් එකයි කරන්න විශ්වාස මේකයි මගේ කතා රැප් සන්දේශ
ලගට අවේ දෙන්න වගේ ප්රාණ එත් උබේ හිතේ එහෙම තිබ්බේ නෑනේ අදුර ගත්ත තිබ්බ නිසා විනාශේ උබ දන්නවා උබේ රස්නේ උබේ ගින්නේ
ගින්නේ ගින්නේ ගිනි දීලා උබ සීතලේ උන්නේ දිය යටින් ගිනි ගෙනියන්න ගියත් දැවේ දවසක තම තමාගේ ගින්නේ
එහෙම කල සමහරු හැම මාසේම ගන්නේ සිල්නේ මේවා කලොත් ලබන ආත්මේ මාරයාගේ උකසටම සින්නේ
බොරුවට නම දාගෙන ඕනි නෑ මට ගරු නම්බුව
ඉවරයි උබේ හොරවැඩ අමතක කලොත් මුල කොම්බුව
අහන්න වෙන්නේ දැන් මට මොකද කරන ඔය බම්බුව
සිතල ගින්දර රත් වෙන්න දෙන්නම් අපි සාප්පුව
[[ hook ]] [sky & nexo maiz ]
දිය යටින් ගින්දර ගෙනියන්න හැදුවත් (හැදුවත්)
ගිනි දීලා දිනුම ගන්න බෑ කවදාවත් (කවදාවත්)
රැප් තාලේට යන හද ගැස්මක්
උබේ සේනාවට වැඩියෙන් බලවත්
රැප් තාලේට හද ගැස්මට
සැලෙනා සිතල ගිනි අළු යට
බොරු සෝබන එපා මුනට දගලුවොත් ඇවිලෙයි ගිනි අළුයට
[[ second verse ]] [ kadupul ]
ඌවට දුන්නා මෙන්න හූව
බෑ අල්ලන්න දැන් නම් මෙන්න මුව
එන්න දෙන්නේ නෑ උඩට හතුරට තිබුන මගේ ගාව
රැප් තණ්හාව හැමදාම දාපන් විජ්ජාව මායාව බේරෙන්න දන්නවා දන්න හින්දා චායව
වහපන් කට ඉන්න තැන දාන බොරු වර්ණනාව
ජීවිතේ රග මඩලක් මම විකට නළුවෙක්
ලෝකේයා සිනාසේ මන් ඉන්න නිසා විනාසේ
මේවා තෙරේ ඇස් ඇරේ කෙල වුනාට පස්සේ
කෝ යකෝ එකට හිටපු මිතුරෝ යන්නේ දැක්කේ නෑ වගේ අරගෙන ජීවිතේ උබේ
ඊට පස්සේ කියයි උබ මේක මගේ කරුමේ මගේ ටික ටික පනින්න හිතෙන්නේ ගගේ
හිටියත් එකම කලේ ගහන්නේ වහලා කොලේ මේක ලංකාව මලේ (ලංකාව මලේ )
සංසාරේ පෙර කල පිනකට ඉපදුනේ ලංකාවේ දැන් කලේ
පවක පිනක වෙනසක් නොදන්නා උන් ඉපදෙනේ කාන්තාරේ (කාන්තාරේ)
එකට කරාට විසදුම ආශ්වාස එපා යාලු මාරු කරන්න විශ්වාස
උඩට යද්දී කකුලෙන් අදින එකනේ උන්ගේ රස්සාව
ලගදීම දැනෙයි වෙල්ලස්සේ රස්නේ කෝ කොල්ලෝ හුවක් තම මදි සද්දේ පටන් ගත්දී හැන්ගියන් අබකිස්සේ
[[ third verse ]] [ wagmee ]
හොදම මිතුරා තොර ගත්තේ නෑ තාමත්
දන්න හින්දා හැටි උබලා කාගේ කාගේත්
මම වින්දා තනිකඩ හින්දා තමත්
ජීවිතේ සතුටෙන් කරදර නෑ කාටත්
මාරු කලේ පැත්ත ගත්තේ හරි පැත්ත
කවදාත් මම හොයන් ගියේ හරි තැනට
නමට කවදාවත් එන්නේ නෑනේ ලගට
ලෙසට එලට එන්නේ මගේ වදන් සරට
සුන්දර ලෝකේ මට වුනේ අසුන්දර
දැක්ක නිසයි උබේ බොරු කතන්දර
දවසල යයි මෙවා පිටු ගණන් පත්තර
මේකයි ගින්දර සිතල සිතල ගින්දර
[[ hook ]] [sky & nexo maiz ]
දිය යටින් ගින්දර ගෙනියන්න හැදුවත් (හැදුවත්)
ගිනි දීලා දිනුම ගන්න බෑ කවදාවත් (කවදාවත්)
රැප් තාලේට යන හද ගැස්මක්
උබේ සේනාවට වැඩියෙන් බලවත්
රැප් තාලේට හද ගැස්මට
සැලෙනා සිතල ගිනි අළු යට
බොරු සෝබන එපා මුනට දගලුවොත් ඇවිලෙයි ගිනි අළුයට
[[ forth verse ]] [[ nexo maiz ]]
සැරද මහරජ මෙන්න මගේ බස
කට කටත් කියවෙන්නේ වෙල්ලස්සේ සැප
මේක අඩි තාලම වගේ එන්නේ නාටක
රුවට රුවක් නැත අපට හෙටක් ඇත
කෙල්ලෝ කොල්ලෝ රගන්නෙම පැති වල මැද්දේ
බැද්දේ ඉදලා තමා මම උබට කෙලින්නේ
පොලවේ ඉදලා තමයි මේ මම මේ රැප් දන්නේ
සද්ද වහලා ඉද ගනින් මේක රැප් ප්රානේ
ලපටි කොල්ලෝ උබලා ඔය දැම්මට ලොකු සද්දේ
සද්ද වහලා නිදා ගන්න මේක ඌවේ කාලේ
කාලේ වෙනස් වුනත් අපි හැමදා යුද්දේ
යුද්ද තමයි අපි හියන්නේ දුටු ගැමුණු වාගේ
හැමදාම බබළන්නේ නම ලංකාවේ
අපි හැමදාම සිංහ බාහු සිංහල වංශේ
වැනි වැනි දන්නෙම නෑ අපි යන්නේ පාරේ
දැනගන්න මේක අපේ යව්වන කලේ
පරගි වගේ දැම්මට ඔය ලොකු ලොකු තොප්පි
සීන් නෑ අපි ගහන්නේ සුපිරිම ඩප්පි
යන්නේ නෑ හොයාගෙන අපි පස්සේ සුස්ති
ජීවිතේම ගෙවීලා යන්නේ වගේ ග්රෑන්ඩ් මස්ති
[[ fifth verse ]] [mc miller ]
දවසක ඇතුලක පන්දම අතට දුමට එලට පාඩම් වැඩ යටට
එලට සල්ලි වියදම් රැට රැට බෝතලේට පාට පාට දුම පපුව ඇතුලට
රස්තියාදු තාලෙට කොල්ලෝ වට කරන් හැමදාම පාරේ දැක්කොත් කේලමක්
හැදෙන්න දුන්න අවවාද කෝටියක් මට වැඩක් නැහැ මේක මගේ පාටියක්
[[ hook ]] [sky & nexo maiz ]
දිය යටින් ගින්දර ගෙනියන්න හැදුවත් (හැදුවත්)
ගිනි දීලා දිනුම ගන්න බෑ කවදාවත් (කවදාවත්)
රැප් තාලේට යන හද ගැස්මක්
උබේ සේනාවට වැඩියෙන් බලවත්
රැප් තාලේට හද ගැස්මට
සැලෙනා සිතල ගිනි අළු යට
බොරු සෝබන එපා මුනට දගලුවොත් ඇවිලෙයි ගිනි අළුයට
Random Song Lyrics :
- ruff.like - error.is.human lyrics
- postkarte - feel.ikx lyrics
- mi dulce amor - estación cero lyrics
- movies - feel.ikx lyrics
- they told me you had been to her - john barry lyrics
- vorrei comprarmi dio - huga flame lyrics
- path clearing - elsa skjong lyrics
- komo se siente? - lovekuudere lyrics
- 聆聽 (ling4 ting1) (sandy live '07) - 林憶蓮 (sandy lam) lyrics
- таю (melting) - beid lyrics