lirik lagu saragi asille – bathiya & santhush
[verse 1: bathiya & santhush (both)]
නෙතු ඔබ මා ගැටුණා ඒ ගංතීරේ
ඔබ මට ඉඟි කෙරුවා හැබැහින්දෝ නොදැනේ
නෙතු ඔබ මා බැදුණා ඒ ගංතීරේ
ඔබ මට ඉගි කෙරුවා හැබැහින්දෝ නොදැනේ
සිහිනෙන් පෑ වදනින්
නෙතු කැල්මේ බැල්මෙන්
තවමත් මා හද කැළඹේ
[chorus: bathiya & santhush]
සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
[verse 2: umaria & sanuka]
දෙනුවන් සිප ගත්තා පිනි පොද වැස්සේ
අප හදවත් බැඳිලා මන්දාරම් සෙවණේ
දෙනුවන් සිප ගත්තා පිනි පොද වැස්සේ
අප හදවත් බැඳිලා මන්දාරම් සෙවණේ
[pre-chorus: umaria & sanuka]
සිහිනෙන් පෑ වදනින්
නෙතු කැල්මේ බැල්මෙන්
තවමත් මා හද කැළඹේ
[chorus: umaria & sanuka]
සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
[verse 3: sanuka]
ඈ දුටු විට දෙවඟනක් වගේ
හදවත කකියනවා හොදටම මගේ
දිලිසෙන නුවන් නිල්මිණි කැට වගේ
අකාසේ තරු මදි ගෙල සරසන්න ඇගේ
[verse 4: bathiya]
ඇගේ ඉඟ සුඟ ගත හැකි මගේ අත මිටින
නිසි පුලුලුකුල මගෙ රිය සක ගැටුණ
බෝනික්කියක් වගේ ඇසිපිය නොම හෙලන
ඈ දුටුවම වුණා මගේ හදවත සසල
[verse 5: umaria]
ඔය දෙතොලඟ රැඳි සිනාවේ
බැදුණා හදවතින් රහසේ
පෙම් පහසක රැඳුණු මානේ
මම අයෙත් ආලෙන් මත් වුණාවේ
[verse 6: santhush]
මිරිකුවා හදවත ඈ යන්තම්
පත්තු වුනෙ හදවත මගේ ගිනි පන්දම්
ගැලපුන අපි දෙන්නගේ පොරොන්දම්
ගැලවෙන්න බෑ ඇලවිලා වගේ කාන්දම්
[verse 7: santhush, umaria, bathiya & sanuka]
ඔය හසරැල් දුටුදා මා නෙත් මානේ
පෙම් හසුනක් එව්වා මා හදවත රහසේ
ඔය හසරැල් දුටුදා මා නෙත් මානේ
පෙම් හසුනක් එව්වා මා හදවත රහසේ
[pre-chorus: santhush, umaria, bathiya & sanuka]
සිහිනෙන් පෑ වදනින්
නෙතු කැල්මේ බැල්මෙන්
තවමත් මා හද කැළඹේ
[chorus: santhush, umaria, bathiya & sanuka]
සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
lirik lagu lainnya :
- kumpulan lirik lagu beatkid › lirik lagu vs. shliiwa – [rr 16tel-finale – vbt 2015] – beatkid
- kumpulan lirik lagu yung gohan › lirik lagu medusa – yung gohan
- kumpulan lirik lagu matt dimona › lirik lagu the universe we dreamt – matt dimona
- kumpulan lirik lagu gabriel o pensador › lirik lagu sobrevivente – gabriel o pensador
- kumpulan lirik lagu jake hill › lirik lagu thru with u – jake hill
- kumpulan lirik lagu mavesta › lirik lagu blessings – mavesta
- kumpulan lirik lagu club dogo › lirik lagu llcd (ladies love club dogo) – club dogo
- kumpulan lirik lagu kadinja › lirik lagu spit it out – kadinja
- kumpulan lirik lagu three for silver › lirik lagu bury me standing – three for silver
- kumpulan lirik lagu spencer sutherland › lirik lagu selfish – spencer sutherland