lirik lagu muthu muthu | මුතු මුතු – big doggy
[chorus: master d]
මුතු මුතු පෙති… මත සියුමැලි
මට බර මදී දරා ගන්න
සියොලඟ රිසී ලෙස නෙතු යදී
මගෙ හිත අදට හදාගන්න
ඉඳ හිට තනියෙන් හඩා යන්න
මගෙ මේ මනස හදා ගන්න
ඉද හිට තනියෙන් හඩා යන්න
මගෙ මේ මනස හදාගන්න
අලුයම…
[verse: big doggy]
නොනිඳන නගරෙ නිදි වරපු ඇස් දෙක
කරගැට පිරුණු දුහුවිලි තැවරුණු
අත් දෙක
කලු වෙච්ච තොල් රළු වෙච්ච උර තල
උණු වෙච්ච හිත දවසෙම හැඬුවා සතුටට
මගෙ මැරුණු හදට නුඹ දුන්න ප්රාණය
තුරුළු කරන් ඉද්දි දැනුනු ඒ සහනය
පහදලා දෙන්න වචන මදි හෝඩියෙ
උඹ හින්දා මම අද සක්විති රජෙක්
දෙන්න නෑ තුටු පඩුරු තියෙන සත් සයුරු
හැඟුනා ජීවත් වෙන අයුරු පිහිදා කඳුලු
පසු කරා රැයවල් අඳුරු කම්කටොළු
වාන් දැම්මා සතුට පරයා අද වැට කඩුලු
ටජ්මහලක් ඕනෙම නෑ අහසෙ ගෑවෙන
ක්ශිතිජය නුඹයි අහසට මුහුද හා වෙන
තනි තරුවකි රැයේ පාර කියා දෙන
පිච්චෙන මද්දහනෙ මම වලාකුලක් පාවෙන
අළුයම ඉර දැක්කා ඔය ඇස් දෙකෙන්
අමතක උනා දුක වඩද්දි මේ අත් දෙකෙන්
මම මගෙ හිත හීනත් එක්ක තරඟයක්
ලඟ නැති හැම රැයක්ම ආලෝක වර්ශයක්
උඹෙ ගැහෙන හද මගෙ හද රිද්මෙටලු
උඹෙ නහර වල දුවන ලේ මගෙ උණුහුමලු
උඹ මගෙ දුව උනෙ දෙවියන්ගෙ නියමෙටලු
මේ දැනුනෙ ආදරයද නෑ උඹෙ ජීවයලූ
[chorus: master d
මුතු මුතු පෙති… මත සියුමැලි
මට බර මදී දරා ගන්න
සියොලඟ රිසී ලෙස නෙතු යදී
මගෙ හිත අදට හදාගන්න
ඉඳ හිට තනියෙන් හඩා යන්න
මගෙ මේ මනස හදා ගන්න
ඉඳ හිට තනියෙන් හඩා යන්න
මගෙ මේ මනස හදා ගන්න
අලුයම…
lirik lagu lainnya :
- kumpulan lirik lagu eyeluvoscar › lirik lagu hot sauce! – eyeluvoscar
- kumpulan lirik lagu найтивыход naitivihod › lirik lagu меньше трёх (less than three) – найтивыход (naitivihod)
- kumpulan lirik lagu tuna טונה › lirik lagu shuvo shel mordechai – שובו של מרדכי – tuna – טונה
- kumpulan lirik lagu edward sidler › lirik lagu it will rain – edward sidler
- kumpulan lirik lagu if you see kaye › lirik lagu gungrinder – if you see kaye
- kumpulan lirik lagu neo te aika › lirik lagu little roman boy (red version) – neo te aika
- kumpulan lirik lagu krwnb realteben › lirik lagu fall – krwnb & realteben
- kumpulan lirik lagu jhacari › lirik lagu big joke part 2 – jhacari
- kumpulan lirik lagu kuoko › lirik lagu ocean whisper – kuoko
- kumpulan lirik lagu ap dhillon › lirik lagu feels – ap dhillon