lirik lagu troll dupathe kathawa – rudeboyray
සිල් ගත්ත ඇස් එක්ක මං, හීන නැති රටක ඇවිදිනවා දූවිලි කාගෙන
දෛවයේ කරට අත දාගෙන, කරුමෙට සරදම ශේප් කරගන්න හිනාවේගෙන
බර නැති අදහස් දරන් ළාමක, යාවත්කාලීන නොවන මොළ එක ආරක
දූපතක් මැද තනිවෙලා පාරක, තුරුම්පු “රුවිත” මට ආවෙම “හාරත”
මේ ඇස්වලින් දැක්ක දේවල් * බණ කියන් අපි රැක්ක දේවල්
ලියනවා මම ඇත්ත දේවල් * දැක්කා කරවන හැටි පණ හැත්ත කේවල්
මිනිස්සුන්ට වඩා පන්සල් දැක්කා
මිනිස්කම ට වඩා පන්සිල් දැක්කා
“ජේසු” ට වඩා පල්ලියේ දායකයන්ගේ රැස් දැක්කා
gangster rappers ලා කෙල්ලන් ට යැව්ව text දැක්කා
සිවුරත් එක්ක s*x දැක්කා
පාදිලි ලෝගු මත මහා mess දැක්කා
බෝම්බෙන් පස්සේ කාදිනල්ගේ වෙස් දැක්කා
“වාල්මිකී” ට වඩා “මිකී*මවුස්” කාටූන් වල මම facts දැක්කා
අපි ඇස් ඇති * හිත් නැති උන් නේ, පින්තූරත් අරන් නේ පිනටත් දුන්නේ
empathy දන්නේ කොහෙද අපි නවත්තන්න සුනාමි විහාර මහා දේවිත් මුහුද ට දැම්ම උන් නේ…
සිංහලේ අපි නම් මාරයි, අපේකම ගැනමයි කතාව ලියනවා කවිත්
ඒත් සුද්දෙක් තටමන් සිංහල වචනයක් කිව්වොත් අපේ උන් සුරාන්තෙ ට ඇවිත්
යුද්ධ කරන්න “වේළු” වත් නැතුව
බඩගින්න ට හාල් සේරුවක් නැතුව
ලෝකෙන් උතුම් රට හේතුවක් නැතුව
අපි ආඩම්බර යි තේරුමක් නැතුව
verse 2 :
කාන්තා විමුක්තිය ට පිරිමින්ගේ contracts
jokes නෙවෙයි ladies මේවා තමයි fun facts
කියවන ගෑණු feminism context
90% ක ට cinderella complex
මාධ්‍ය නිදහස පිළිකන්නෙන් පාරට, භාෂණයේ නිදහස දෙයියන්ගෙ බාරෙට
කාකි කිට ට “රස රිසි ගී” බාර ද ?
ඇයි දැන් වැඩ කරන්නේ පොලිසියේ ද “නාරද” ?
පඩික්කමකට තරු දාන්, මනුස්සකම වෙළඳාම්
නිදියන්නවත් ඩිංගක් ඇස් තද කරන් උද්ධමනය බං සැනසිල්ලත් මෙහෙ ගණන්…
බබාලා වඩන් පෝලිම් පනිනා, ආගම * ජාතිය කිව්ව ගමන් ට්‍රැක පනිනා
අපි සැමරුවත් නිදහස තියන් වෙඩිමුර සිංහ කොඩියෙත් ගහලා තිබ්බා “made in china”
බොට නින්දක් නැතිනම් * තව පෙති නැද්ද බං * කන්න කැඳ නැතිනම් * mr. තෙන තෙදිනන් * හිතපන් * අපේ කමට පණ පොවන්න අවදි කළ පණ නැති පොර තාම බුදි නම් ?
කරපින්නන් ජාතිවාදේ යන ගොම කුරුමිණි සිටී මේ ගොම තැම්බෙත්
දියසෙන් කුමරෙක් වෙනකන් බලන් උන්නා නේද උඹලා kiss කරලා ගෙම්බෙක් ?
රට වලට උගසට තියලා ඇස් දෙකත්
විකුණලා වෙරළත් ගෝල්ෆේස් එකත්
පළුවක් චීනෙට මේක දැන් තැන් දෙකක්
ලංකාව milf කෙනෙක් මේක g*ngb*ng එකක්
පුරාවෘත්ත ඉතිහාසෙට ඔතාන
සිංගප්පූරුවක් හිටියා ට පතාන
පුරුද්ද ට ඇන්දෙන ඒ සොබාව
“මඩොල්දූව” නෙවෙයි මේකයි
“ට්‍රොල් දූපතේ කතාව”!
lirik lagu lainnya :
- kumpulan lirik lagu mercy chinwo › lirik lagu na you dey reign – mercy chinwo
- kumpulan lirik lagu x313rell › lirik lagu murder mystery 1/2 / gone remix – x313rell
- kumpulan lirik lagu the 49ers › lirik lagu it’s my thing – the 49ers
- kumpulan lirik lagu black eyed peas maluma › lirik lagu feel the beat (video version) – black eyed peas & maluma
- kumpulan lirik lagu simsolz › lirik lagu leso leso – simsolz
- kumpulan lirik lagu breaking news clan ft fidii › lirik lagu wawili – breaking news clan ft fidii
- kumpulan lirik lagu 88glam › lirik lagu hellcat – 88glam
- kumpulan lirik lagu joffery hollsworth › lirik lagu time to face – joffery hollsworth
- kumpulan lirik lagu dakun › lirik lagu she fell in love – dakun
- kumpulan lirik lagu wurld › lirik lagu national anthem (growing wings) – wurld