lirik lagu sudu none – the gypsies
නෝනෙ මගේ සුදු නෝනේ
අලි වැඩේ මෙමට උනේ
නෝනෙ මගේ සුදු නෝනේ
අලි වැඩේ මෙමට උනේ
බස් එක මගදී කැඩුණා ඒකයි මම පමා වුණේ
අනේ ඔබෙ පරණ පොත
මම ඒය කියවා ඇත
අනේ ඔබෙ පරණ පොත
මම ඒය කියවා ඇත
තමාගේ බිරිඳට ඔය බොරු කියනා එකයි කැත
ඔයා පිළිගන්නේ නැද්ද?
මගේ නැහැ කිසි වැරැද්ද
ඔයා පිළිගන්නේ නැද්ද?
මගේ නැහැ කිසි වැරැද්ද
පුතාට ටොපි ගෙනාවා දැන් මම, පොඩි පුතා නිදි ද?
නැති බොරු සෙනෙහෙ ප පා
අප රවටන්න එපා
නැති බොරු සෙනෙහෙ ප පා
අප රවටන්න එපා
කටගොන්නක් බීගෙන මින් පසු මෙහි එන්න එපා
ඇත්තම ඔයාට කියන්නම්
ඔයා එය පිළිගන්නවා නම්
මිතුරෙක් අඬගැහුවා
පොඩි අඩියක් ගැහුවා
ඕකත් ලොකු වරදක් ද?
මිතුරෙක් අඬගැහුවා
ග්රූම් දෙක තුනක් දැම්මා
ඕකත් ලොකු වරදක් ද?
මොකටද ඉතින් මගේ කට
ලැජ්ජා නැද්ද තමුසෙට
බස් එක නතර වුණේ
මිතුරා අඬ ගැහුවේ
තැබෑරුමක්ම ලඟදි ද?
බස් එක නතර වුණේ
මිතුරා අඬ ගැහුවේ
තැබෑරුමක්ම ලඟදි ද?
තරමක් ලේසිය දුන්නා
නෝනා මගේ කරටම එන්නා
ඔවු, මම අඩි ගැහුවා
පරක්කු වී ආවා
නෝනා දැන් කියන්නේ මොකද?
ඔවු, මම අඩි ගැහුවා
පරක්කු වී ආවා
නෝනා දැන් කියන්නේ මොකද?
අනේ, ඔයාගේ ලේසිය
ඔයාලටමයි වාසිය
ළමයි බලන්න ඕනේ
රෙදි සෝදන්න ඕනේ
තනියම අපට කරදර
ළමයි බලන්න ඕනේ
රෙදි සෝදන්න ඕනේ
තනියම අපට කරදර
ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
ඔහේලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි
අනේ, ඔහේලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි
ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
ඔයා කියන්නේ අපි දුක් විඳින්න ඕනේ
ඔයලා විවාහ වෙන්නේ ඔහොම කියන්නද අනේ?
ඔයා කසාද බැන්දේ ඔහොම කියන්නද අනේ?
ඔයා කියන්නේ අපි දුක් විඳින්න ඕනේ
අනේ, කිරිපිටි හොයලා පෝලිම් වල දුක්විඳලා
ලොක්කට වැඳලා තමයි එන්නේ බේරිලා
අපේ බොසාට වැඳලා තමයි එන්නේ බේරිලා
කිරිපිටි හොයලා පෝලිම් වල දුක් විඳලා
පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද?
ඒ තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද?
අනේ, තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද?
පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද?
කරුමෙට, ඔය කට තමුසෙට ලැබුණට
කැත කට හතරට ඉරනට හිතේ මට
මගේ කට හතරට ඉරනට හිතුවට
මේ මට දෙන බැට තමුසෙට වැදෙයි හෙට
දුවේ පුතේ මා කියනා දේ අහගන්න
කඳුලක් නැති තැන සිනහව ඇත්ද බලන්න
දෙන්න*ගන්න දෙක සමබර ඇති නම් ඔන්න
විවාහ ජීවිතය සරුයි අද දැනගන්න
විවාහ ජීවිතය සරුයි අද දැනගන්න
දෙන්න*ගන්න දෙක සමබර ඇති නම් ඔන්න
lirik lagu lainnya :
- kumpulan lirik lagu emma lee m c › lirik lagu campfire – emma lee m.c.
- kumpulan lirik lagu marc e bassy › lirik lagu too real (extended version) – marc e. bassy
- kumpulan lirik lagu satrap mtl › lirik lagu new regime – satrap (mtl)
- kumpulan lirik lagu connect r › lirik lagu contagios – connect-r
- kumpulan lirik lagu augie march › lirik lagu your useful idiot – augie march
- kumpulan lirik lagu vanillaroma › lirik lagu caffeine – vanillaroma
- kumpulan lirik lagu andii styron › lirik lagu you thought – andii styron
- kumpulan lirik lagu kid bloom › lirik lagu i fell in love again – kid bloom
- kumpulan lirik lagu lona nld › lirik lagu girl (remix) – löna (nld)
- kumpulan lirik lagu dessau › lirik lagu beijing – dessau